මත්පැන් විසවෙලා 50 ක් මැරිලා

මත්පැන් විසවීමෙන් 50 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉන්දියාවේ ඇසෑම් ප්රාන්තයේ ජොරාත් දිස්ත්රික්කයේ ගම්මානයකින් වාර්තා වේ. මරණ වාර්තා වී ඇත්තේ ගොලාගාත් නමැති ගම්මානයෙනි.
මත්පැන් පානය කිරීමෙන් රෝගී වූ 50 දෙනකු රෝහල් ගත කර ඇති බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය කියයි.
මීට සති කීපයකට පෙර ද මත්පැන් විසවීමෙන් මරණ සිදුවුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි.
(එන්.ඩී.ටීවී.)

