මත්ද්‍රව්‍ය සටනට විරාමයක් -පිලිපීන ජනාධිපති කියයි !



මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙනගිය දැඩි මර්දනකාරී පිළිවෙත තාවකාලිකව නවතාලීමට පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ දුටරේට් පියවර ගෙන ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුවන වංචා දූෂණ කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කිරීම මෙයට හේතුව යැයි පිලිපීන ජනාධිපතිවරයා කියා සිටී.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පසුගිය ඔක්තෝබර් මාසයේ මැනිලා නුවර පොලිස් මූලස්ථානය තුළ රඳවා සිටියදී දකුණු කොරියානු ව්‍යාපාරිකයකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

මත්ද්‍රව්‍යවලට එරෙහි සටන නැවත ආරම්භ කිරීමට පෙර පොලිස් දෙපාර්තමේන්තුව වංචා දූෂණවලින් තොර අවංක සේවයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති දුටරේට් වැඩිදුරටත් අවධාරණය කළේය. 

ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහි ගෙනයන දැඩි මර්දනකාරී වැඩපිළිවෙලේ අංගයක් වශයෙන් පිලිපීනයේ පොලිස් නිලධාරින් මිනිස් ඝාතනවල යෙදෙන බවට මානව හිමිකම් සංවිධාන කලක සිට චෝදනා නගති.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි......

 


RECOMMEND POSTS