මත්ද්‍රව්‍ය කල්ලි ත්‍රස්ත කල්ලි ලෙස නම් කෙරේ

මෙක්සිකෝවේ ක්‍රියාත්මක ආයුධ සන්නද්ධ මත්ද්‍රව්‍ය කල්ලි ත්‍රස්ත කල්ලි ලෙස නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකන් ජනපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ මත්ද්‍රව්‍යවලට එරෙහි සටන තවත් පියවරක් ඉදිරියට තබමිනි.
ත්‍රස්ත කල්ලි ලෙස නම් කිරීමෙන් පසු, මෙක්සිකෝ මත්ද්‍රව්‍ය කල්ලි සාමාජිකයන්ට සම්බාධක රැසකට මුහුණ පෑමට සිදුවෙයි. එය ඔවුන්ගේ ජාවාරම් කටයුතු අඩපණ කිරීමට හේතුවක් වනු ඇති බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ජනපති ට්‍රම්ප් නියෝජනය කරමින්, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්, මෙක්සිකෝවට ගොස් මෙක්සිකෝ විදේශ ඇමැතිවරයා හමුවීමට නියමිත බව ද වාර්තා වේ. ඇමෙරිකාවේ අසල්වැසියා වන්නේ මෙක්සිකෝවය.
මීට සති කීපයකට පෙර, මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි මෙක්සිකෝ ඇමෙරිකා දේශසීමාවේ ඇමෙරිකන් පවුලක් ඝාතකනය කළේය. ඒ, ඔවුන් ඇතුළු ඇමෙරිකන් වැසියන් පිරිසක් ගමන් කරමින් සිටි රථ පෙළෙනට වෙඩි තැබීමෙනි. එම අවස්ථාවේදී ජනපති ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නේ මත්ද්‍රව්‍ය අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

