මගේ තාත්තා ට්‍රම්ප් වීරයෙක්



තම පියා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වීරයකු බවත්, ඔහුට තවත් සිවු වසරක් ධවල මන්දිරයේ රැඳී සිටීමට අවස්ථාවක් උදා කර දිය යුතු බවත් ඔහියෝ ප්‍රාන්තයේ පැවැති රිපබ්ලිකන් පාක්ෂික ජන රැලියක් අමතමින් ට්‍රම්ප් දියණිය ඉවන්කා පැවැසුවාය.

39 හැවිරිදි ඉවන්කා ට්‍රම්ප්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණියයි. ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතු සියල්ල බලා ගන්නේ ද ඉවන්කා වන අතර, ඇය සහ ඇගේ සැමියා ජෙරාඩ් කුෂ්නර්, ට්‍රම්ප්ගේ උපදේශකවරු ලෙස සේවය කරති. ඒ, වැටුපක් ලබා නොගෙනය.

මීට පෙර බිහිවුණු ජනාධිපතිවරුන් මෙන් නොව තම පියා ඇමෙරිකානුවන් වෙනුවෙන් කැපවී, ඇමෙරිකානුවන් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට කටයුතු කළ තැනැත්තකු බව ඉවන්කා පැවැසුවාය. අන් කවරදාවටත් වඩා මේ අවස්ථාවේ, ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවිය යුත්තේ ට්‍රම්ප් බවත්, ඇමෙරිකානුවන්ගේ අනාගතය ආරක්ෂා කිරීමට ඔහුට හැකි බවත් ඉවන්කා පැහැදිලි කළාය.

කෑන්ෆීල්ඩ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS