භූමි කම්පායකින් පසු සුනාමියක්

ඉන්දුනීසියාව අසල මුහුදේ හටගත් ප්රබල භූමි කම්පාවක් හේතුවෙන් සුනාමියක් හටගත්තේය.
භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් ලෙස සටහන් විය. භූමි කම්පාවෙන් විනාඩි 30 ක් පමණ ගත වෙද්දී සුනාමි රළ කඩා වැදුණේ ඉන්දුනීසියාවේ සුලවේසි දූපතටය.
නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පුද්ගලයන් පනස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු අතර, 10 දෙනෙක් තුවාල ලැබූ බව පැවැසෙයි.
ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ භූමි කම්පාවෙන් මෙන්ම සුනාමියෙන් ද සිදුවුණු හානිය අති මහත් කියාය. මියගිය ගණන සහ තුවාල ලැබූ ගණන තවත් ඉහළ යා හැකි බව පැවැසෙයි.
2004 වසරේ දී ශ්රී ලංකාවට බලපෑමක් කළ සුනාමිය හටගත්තේ ඉන්දුනිසියාව අසල පිහිටි රික්ටර් පරිමාණයේ ඒකක 10 ක් සටහන් කළ අති බිහිසුණු භූමි කම්පාවකිනි.
(අල් ජසීරා)

