භාණ්ඩ ඇසුරුමක කොරෝනා



අපනයන භාණ්ඩ ඇසුරුමක් පරීක්ෂා කරද්දී, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස විෂබිජ හමුවුණැයි චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය අනාවරණය කළේය.

හමුවුණු මෙම වයිරස විෂබීජ සජීවී ඒවා බවත්, එය හමුවී ඇත්තේ ශීතකරණයට ලක් කරනු ලැබූ භාණ්ඩ ඇසුරුමක තිබී බවත් චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ අනුව භාණ්ඩ ඇසුරුමකින් සජීවී වයිරස සාම්පල හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

වයිරස විෂබීජ සොයා ගැනීමට හැකි වී ඇත්තේ ක්විංඩාඕ නමැති නගරයෙනි. පසුගිය දිනවල මෙම නගරයෙන් වයිරස ආසාදිතයන් වාර්තා වූ බව ද පැවැසෙයි.

නව කොරෝනා වයිරසයට, විෂබීජ බැංකු නෝට්ටු, වීදුරු සහ ජංගම දුරකතන තිර සහ සුදු යකඩ භාණ්ඩ මත දින 28 ක කාලයක් රැඳිය හැකි යැයි ඔස්ට්‍රේලියානු පර්යේෂකයෝ පිරිසක් පසුගිය දා අනාවරණය කළහ. චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ පර්යේෂකයන් ද ඒ වන සනාථ කර තිබේ.

ඕස්ට්‍රේලියානු ජාතික වෛද්‍ය පර්යේෂණ ඒකකයට සම්බන්ධ වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දුන් අන්දමට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයට ඉන්ෆ්ලුවෙන්සා වයිරසයට වඩා වැඩි කාලයක් එම මතුපිට රැඳිය හැකිය.

ඒ අනුව, සෑම විටම ජංගම දුරකතය තිර, මුදල් නෝට්ටු, වීදුරු සහ සුදු යකඩවලින් නිපදවූ බඩු බාහිරාදිය පිරිසුදුව තබා ගැනීම කළ යුතු බවත්, අප ද සෑම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෑත් පිරිසුදුව තබා ගැනීම කළ යුතු බවත් වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇත.

බීජිංහිදිය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS