බෝල්ටික් මුහුදේ මිසයිල අත්හදා බලයි

රුසියාව බෝල්ටික් මුහුද කේන්ද්‍රකොට ගනිමින් මිසයිල අත්හදා බැලීම් සිදුකළේය.
බෝල්ටික් මුහුද රුසියාවට පමණක් නොව, ස්කැන්ඩනේවියා, ෆින්ලන්තය, එස්තෝනියාව, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්ඞ් සහ ජර්මනියට මායිම් වෙයි.
රුසියාව කළ මිසයිල අත්හදා බැලීම නේටෝ සාමාජික රාජ්‍යයක් වන ලැට්වියාවට තර්ජනයක් විය. තමන් සජීවී මිසයිල යොදා ගනිමින් මිසයිල අත්හදා බැලීම සිදු කරන බව රුසියානුවන් ලැට්වියාවට කල්තියා දැනුම් දී තිබුණු බව ද වාර්තා වේ.
ඒ අනුව, මිසයිල අත්හදා බැලීම් සිදු කළ මුහුදු කලාපය ඒ වෙනුවෙන් වෙන් කෙරුණු අතර ගුවන් කලාපයේ ගුවයන් ගමන් කටයුතු ද තහනම් කෙරුණි.
මිසයිල අත්හදා බැලීම සිදු කළේ තම නාවික හමුදාවේ බෝල්ටික් කලාපීය සාගර බළඇණිය යැයි රුසියානු රජය පවසා ඇත. ඔවුන් බෝල්ටික් මුහුදේ වාර්ෂිකව යුද අභ්‍යාස පවත්වයි. මෙවර ද මෙම මිසයිල අත්හදා බැලීම් සිදු කෙරුණේ යුද අභ්‍යාසයට සමගාමීව යැයි ද පැවැසෙයි.
(රොයිටර්)

