බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා ගැන බියක්

ඉතිපෝයියානු ගුවන් යානයේ අනතුරත් සමඟ බෝයිං ගුවන් සමාගමේ ‘බෝයිං 737 මැක්ස් 8’ ගුවන් යානා සම්බන්ධයෙන් බියක් හටගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ‘බෝයිං 737 මැක්ස් 8’ වර්ගයේ අංක ඊටි302 යානය ඊයේ (10) කඩා වැටුණේ එහි ගමන් කළ 157 දෙනා මරුමුවට පත් කරමිණි. කඩා වැටෙද්දී යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර සිට කෙන්යාවේ නයිරෝබි තෙක් පියාසර කරන්න විය.
‘බෝයිං 737 මැක්ස් 8’ යනු බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම 2017 වසරේදී හඳුන්වා දෙනු ලැබූ නවතම ගුවන් යානයයි. පසුගිය වසරේ ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සමාගමට අයත් බෝයිං යානයක් මූදට කඩා වැටුණි. ඒ, ගුවන්ගත වී මිනිත්තු කීපයක් යද්දීය. එම අනතුරින් මියගිය ගණන 189 කි. අනතුරට පත්වුණු මෙම ලයන් එයාර් ගුවන් යානය ද ‘බෝයිං 737 මැක්ස් 8’ යානයකි.
ඊයේ (10) කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් යානය, භාවිතයට ගෙන ඇත්තේ පසුගිය 2018 වසරේ ඔක්තෝබරයේය. ඉතියෝපියානු ගුවන් සේවයට එක් වී තිබුණු නවතම ගුවන් යානයක් ලෙස මෙය සැලකිණි. ආරක්ෂාව අතින් සහ ගුණාත්මක සේවාවක් අතින් ඉතියෝපියානු ගුවන් සේවය ඉදිරියෙන් සිටින බව ද පැවැසෙයි.
අප්රිකා මහද්වීපයේ ප්රධානතම ගුවන් සේවය ලෙස සැලකෙන්නේ ද ඉතියෝපියානු ගුවන් සේවයයි.

මේ වනවිට ‘බෝයිං 737 මැක්ස් 8’ ගැන බියක් නිර්මාණය වී ඇති බවත්, චීනය ඔවුන්ගේ ගුවන් සේවාවන් සඳහා භාවිතයට ගන්නා ‘බෝයිං 737 මැක්ස් 8’ යානා ගුවන් ගමන් සඳහා යොදා නොගෙන පරීක්ෂා කරන බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. ‘බෝයිං 737 මැක්ස් 8’ ගුවන් යානයක දිග මීටර් 39.52 කි. පියාපත් අතරේ පළල මීටර් 25.9 කි. ආසන 2010 ක් ඇති බව ද පැවැසෙයි.
ලයන් එයාර් ගුවන් සේවයේ ‘බෝයිං 737 මැක්ස් 8’ යානය මූදට කඩැ වැටීමේ සිදුවීමෙන් පසු කළ පරීක්ෂණවලින්, අනාවරණය වී ඇත්තේ ‘බෝයිං 737 මැක්ස් 8’ යානයට යොදා ඇති නවීන පරිගණක පද්ධතිය පිළිබඳ නියමුවන්ට පැහැදිලි අවබෝධයක් නොතිබුණු බවය. ලයන් එයාර් යානයේ අනතුරට එය ද හේතුවක් විය හැකි යැයි ඉන්දුනීසියා ගුවන් බලධාරීහු පෙන්වා දෙති.
අබිස් අබාබාහිදීය (අල් ජසීරා)

