බෝම්බ දෙකක් පිපිරේ

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර රජයේ ගොඩනැගිලි පිහිටි කලාපයේ බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 50 කි.
පුපුරා ගියේ මරාගෙන මැරෙන බෝම්බ දෙකකි. පළමු බෝම්බය පුපුරා ෂස්දරාක් පළාතේය. බෝම්කරු පැමිණ ඇත්තේ යතුරුපැදියකිනි.
එම බෝම්බ ප්‍රහාරයෙන් විනාඩි කිහිපයක් ගත වෙද්දී දෙවැනි බෝම්බය පුපුරා ගියේය. පළමු බෝම්බ ප්‍රහාරය ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් සය දෙනකු ද ඊට බිලිවුණු බව පැවැසෙයි.
ඇෆ්ගනිස්තානයේ ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම බාර ගෙන ඇතැයි ද ඇෆ්ගන් ආරක්ෂක අංශ කියයි.
(රොයිටර්)

