බෙංගලූර් නගරයේ පාසල් බෝම්බ බියකින් කැලඹෙයි



ඉන්දියාවේ බෙංගලූර් නුවර, පාසල් 13 ක් බෝම්බ බියකින් කැලැඹිණි. පාසල් තුළ බෝම්බ ඇතැය, පාසල් විදුහල්පතිවරුන්ට අනතුරු ඇඟවීම් ලැබී තිබුණේ  උදෑසන පාසල් ආරම්භ වීමෙන් පසු ඊමේල් පණිවුඩ මගිනි.

එසැණින්, පාසල් බලධාරීන්, කලබලයටත් බියටත් පත් වී, පාසල් හිස් කිරීම පටන්ගෙන තිබේ. ඒ, එම ඊ මේල් පණිවුඩ ගැන පොලිසියට දැනුම් දෙමිනි. සිද්ධිය සැලවීමත් සමඟ කලබලයට පත් මාපියෝ පාසල් ඉදිරියේ කලහ කරන්න වූහ.

පොලිස් නිලධාරීන් තත්ත්වය පාලනය කළ බවත්, බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් පැමිණ පාසල් සියල්ල හොඳින් සෝදිසි කළ බවත් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් බෝම්බ හෝ පුපුරන ද්‍රව්‍ය හෝ හමුවී තිබුණේ නැත. අනතුරු අඟවමින් ලැබුණු ඊ මේල් පණිවුඩ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇතැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS