බෘහස්පතිගේ රතු ලපයේ වතුර



සෞරග‍්‍රහ මණ්ඩලයේ විශාලතම ග‍්‍රහලෝකය වන බෘහස්පතිගේ ‘රතු ලපය’ ජල අංශුවලින් පිරී ඇතැයි සැකකරන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

නාසා විද්‍යාඥයන් මේ බව පවසා ඇත්තේ බෘහස්පති ගවේෂණය කරමින් සිටින ‘ජූනෝ’ නමැති රොබෝ ගවේෂණ යානය එවූ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුවය. ජූනෝ රොබෝ යානය බෘහස්පතිගේ කක්ෂයේ රැඳී හිඳිමින් දත්ත රැස් කිරීම සිදු කරයි.

බෘහස්පතිගේ රතු පැහැයෙන් දිස්වන එම යෝධ ලපය වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් මවිත කිරීමට සමත් විය. ලපය නිර්මාණය වී ඇත්තේ අති බිහිසුණු කුණාටු පොකුරකින් යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. එම කුණාටුවට අයත් වළාකුළුවල ජල අංශු ඇතැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

නාසා විද්‍යාඥයන් ජූනෝ මෙහෙයුම ඇරැඹුවේ 2011 වසරේදීය. ජූනෝ අභ්‍යවකාශ යානය බෘහස්පතිගේ කක්ෂයට පිවිසුණේ පසුගිය 2016 වසරේදීය. ඉන්පසු බෘහස්පතිගේ සමීප අති පැහැදිලි ඡායාරූප ගනිමින් ජූනෝ යානය දත්ත රැස් කරයි. බෘහස්පතිගේ සැඟවුණු රහස් හෙළිකර ගැනීමට ජූනෝ හරහා හැකිවන බව නාසා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS