බුදු දහම වැළැඳ ගන්න සැරැසෙයි

උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත භාරතීය ජනතා පක්ෂ රජය කුලහීන දාලිත් වැසියන් නොසළකා හැර ඔවුන්ට කෙණෙහිලිකම් කරන බවත්, එය දිගටම සිදුවුවහොත්, තමන් ලක්ෂ ගණනින් තම අනුගාමිකයන් ද පිරිවරාගෙන අම්බෙඞ්කාර් කළාක් මෙන් බුද්ධාගම වැළඳගන්නවා යැයි දාලිත් වැසියන් නියෝජනය කරන උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිනිය මායාවතී තර්ජනය කර ඇත.
කුලහීන වැසියන් නියෝජනය කරමින් මායාවතී ‘බහුජන සමාජ්’ පක්ෂයට නායකත්වය දෙමින් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමැතිනිය ලෙස සිවුවරක් එම ධුරය හොබවා ඇත.
කෙසේ නමුත් අවසන්වරට පැවැති ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජය ග්‍රහණය කළ අතර මහ ඇමැති ධුරයට පත් වූයේ හින්දු යෝගීවරයකු වන යෝගී ආෂිත්යනාත්ය.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු වාදය සහ කුල ක්‍රමය අනුව කුලහීන වැසියන්ට විශාල ලෙස කෙණෙහිළිකම් සහ අසාධාරණකම් සිදුවෙයි. හින්දුවරුන්ගේ කෙණෙහෙළිකම්වලට කුලහීන වැසියෝ බහුලව ලක් වෙති. ඔවුන්ට පහර දීම් පවා සිදු කෙරන බව පැවැසෙයි.
මායාවතී සිය අනුගාමිකයන් ලක්ෂ ගණනාවක් පිරිවරා ගනිමින් බුදු දහම වැළඳ ගන්නා බවට තර්ජනය කර ඇත්තේ ඒ අනුවය.
(එන්.ඩී.ටීවී)

