බුද්ධි ප්‍රධානීන්ගේ රහස් හමුවක්

ඊශ්‍රායල මොසාඞ් බුද්ධි අංශ ප්‍රධානීන් සහ ඊශ්‍රායලයට හිතවත් අරාබි රටවල බුද්ධි අංශ ප්‍රධානීන් අතර රහස් හමුවක්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ උපදේශක ජෙරාඞ් කුෂ්නර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම හමුව පැවැත්වූයේ සෞදි අරාබියේ රියාද් නුවරදී යැයි ද පැවැසෙයි. බුද්ධි අංශ ප්‍රධානී අතරේ මෙම රහස් හමුව පැවත්වා ඇත්තේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවති අර්බුදය සම්බන්ධයෙනි.
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුමක් ලෙස නව සාම වැඩසටහනක් හඳුන්වා දීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සූදානම් වෙයි. බුද්ධි අංශ ප්‍රධානීන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වේ.
(ප්‍රෙස් ටීවී)

