බි්රතාන්ය සෞඛ්‍ය ඇමැතිනියට කොරෝනා

බි්රතාන්ය සෞඛ්‍ය ඇමැතිනිය 62 හැවිරිදි නඞීන් ඩොරිස්ට ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
සෞඛ්‍ය ඇමැතිනිය අසනීප වී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේය. ඒ, බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් හමුවී පැය කිහිපයකට පසුව යැයි බි්රතාන්ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පසුගිය සති කිහිපය පුරා බි්රතාන්යයේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට කි‍්‍රයාවට නැංවූ සියලූ සෞඛ්‍ය වැඩසටහන්, නඞීන් ඩොරිස්ගේ අධීක්ෂණයට ලක් විය. ඇය සෞඛ්‍ය ක්ෂේත්රයේ බොහෝ දෙනකු සමඟ සමීපව කටයුතු කළේ යැයි ද පැවැසෙයි.
බි්රතාන්යයෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 382 කි. වයිරසය ආසාදනය වී මියගිය ගණන 6 කි. වයිරසය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ ගණන 18 ක් බව ද පැවැසෙයි.
ලන්ඩනයේදීය (රොයිටර්)

