බි‍්‍රතාන්‍ය රජ පවුලට අලූත් රජ පැටියෙක්



බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරුගේ බිරිඳ හෙවත් සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාකෙල් පුතකු බිහි කළාය.

‘අම්මත් දරුවත් හොඳින්. මට හරිම සතුටුයි. අපට පුතෙක් ලැබුණා. මේක තමයි මගේ ජීවිතේ සුවිශේෂී දිනය’ යැයි පී‍්‍රතියට පත් හැරී කුමරුන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

37 හැවිරිදි මේගන් මාකෙල්ගේ දරු උපත සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාවට බි‍්‍රතාන්‍ය වැසියන්ගේ අවදානය යොමුවී තිබුණි. දරු උපත සිදුවනු ඇතැයි 2 වැනිදා හෝ 3 වැනිදා යැයි වෛද්‍යවරුන් පවසා තිබුණි. කෙසේ නමුත් එය දින කීපයක් ප‍්‍රමාද විය.

රජ පවුලට එක් වුණු නව සාමාජිකයා සම්බන්ධයෙන් බකින්හැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සතුට පළ කර ඇත.

දරු උපත සිදුවන අවස්ථාවේදී, හැරී කුමරුන් ද සසෙක්ස් ආදිපාදවරිය අසල සිටි බව ද බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

අලූත උපන් මෙම කුමරු බි‍්‍රතාන්‍ය කිරුළට හිමිකම් කියන හත් වැනියා වෙයි. ඒ හැරී සහ කේම්බි‍්‍රජ් ආදිපාදවරයා ද වන විලියම් කුමරුන්ගේ පියා වේල්සයේ චාල්ස් කුමරු, ඉන්පසු විලියම් කුමරු සහ ඔහුගේ දරු තිදෙනාට පසුවය.

විලියම් කුමරුන්ට පුතුන් දෙදනකු සහ දියණියකි. ඒ අතරින් වැඩිමලා ජෝර්ජ් කුමරුන්ය. දියණිය චාලට්ය. බාලයා ලූවී කුමරුන්ය. ඉන්පසු හය වැනියා ලෙස බි‍්‍රතාන්‍ය කිරුළට හිමිකම් කියන්නේ හැරී කුමරුන්ය. අලූත උපන් කුමරුන් සිටින්නේ හත් වැනියා ලෙස ඉන්පසුවය. අලූත උපන් කුමරු බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැුජිනගේ අට වැනි මී මුණුපුරාය.

37 හැවිරිදි වියෙහි පසුවන මේගන් මාකෙල් ඇමෙරිකන් තරුණියකි. හැරී කුමරු හමුවීමට පෙර ඇය විවාහ වී පසුව දික්කසාද වූ තැනැත්තියකි. එපමණක් නොව මේගන් බටහිර ටෙලි නිළියකි. හැරී කුමරුන් සමඟ විවාහ වීමත් සමඟ ඇමෙරිකන් ජාතික මේගන්ට බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය ද හිමිවිය. ඒ අනුව, අලූත උපන් කුමරුන්ට ද බි‍්‍රතාන්‍යයේ පමණක් නොව ඇමෙරිකාවේ ද ද්විත්ව පුරවැසිභාවය හිමිවන බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අලූත උපන් පුත් කුමරුන්ගේ බර කිලෝ ග‍්‍රෑම් 3.2 (රාත්තල් 7* කි. හැරී කුමරුන්ගේ වැඩිමල් සොයුරු විලියම් කුමරුන්ගේ දරුවන් හා සන්සන්දනය කරද්දී, අලූත උපන් කුමරුන් බරින් අඩුය. විලියම් කුමරුන්ගේ සහ කේට් මිඞ්ල්ටන්ගේ බාල පුතු ලූවීගේ උපන් බර රාත්තල් 8 යි අවුන්ස 7 කි. ලූවී උපන්නේ පසුගිය අපේ‍්‍රල් මාසයේය. ජෝර්ජ් කුමරුන් උපදින අවස්ථාවේදී ඔහුගේ බර රාත්තල් 8 යි අවුන්ස 6 කි. දියණිය චාලට් කුමරියගේ බර රාත්තල් 8 යි අවුන්ස 3 කි. 1982 වසරේ විලියම් කුමරුන් උපදින අවස්ථාවේ බර රාත්තල් 7 කි. අලූත් කුමරුන්ගේ පියා හැරී කුමරු උපත ලැබුවේ 1984 දීය. ඔහුගේ බර රාත්තල් 6 ක් සහ අවුන්ස 14 කි.

මේගන්ගේ සහායට ඇගේ මව ඩොරියා රැග්ලන්ඞ් ඇය අසල සිටි අතර, විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සහ වින්නඹු මාතාවන් ඇතුළු කණ්ඩායමක් දරු ප‍්‍රසූතිය වෙනුවෙන් සූදානමින් සිටි බව පැවැසිණි.

කෙසේ නමුත් දරු ප‍්‍රසුතිය ප‍්‍රමාද වීමත් සමඟ අවසන් මොහොතේ හැරී කුමරු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් එක් වී මේගන් ලන්ඩන් නුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුණි. දරු ප‍්‍රසූතිය සිදුවූයේ ඒ අනුවය.

දරු ප‍්‍රසූතිය සිදුවූයේ බි‍්‍රතාන්‍ය වේලාවෙන් අලූයම 5.26 ටය. අලූත් කුමරුන්ට නමක් දමා තිබුණේ නැත. කුමරුන්ගේ නම සම්බන්ධයෙන් ලංසු තැබීම් සිසුවන අතර, බොහෝ දෙනා අනුමාන කරන්නේ කුමරුන් ඇලෙක්සැන්ඩර්, ආතර්, ඇල්බට් හෝ ජේම්ස් යනුවෙන් නම් කරනු ඇති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS