බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්දයක්



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සංශෝධන සහිතව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසුමක් පැවැත්වීමට නියමිතව තිබුණි.

අගමැති තෙරේසා මේ මෙම යෝජනාව මීට පෙර දෙවරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එම අවස්ථා දෙකේදීම එය පරාජයට පත් විය. ඒ, ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් පමණක් නොව, අගමැතිනියගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගෙන් එල්ල වුණු විරෝධය නිසාය.

බ්‍රෙක්සිට් යෝජනාව කි‍්‍රයාවට නැංවීමට නම්, ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ ද අනුමැතිය ඊට හිමිවිය යුතුව ඇත. අගමැතිනී තෙරේසා මේ ඇගේ කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් හමුවී කියා සිටියේ, තමා සකස් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවන්නේ නම්, තමා ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන බවය.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS