බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව යළි ඇරැඹේ



බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවීමට අගමැති බොරිස් ඩොන්සන් ගත් තීරණය වළක්වමින්, එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුවට පැමිණයහ.

පාර්ලිමේන්තුව යළි ආරම්භ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් කතා නායක ජෝන් බර්කව් සිය ප‍්‍රසාදය පළ කළේය. මන්තී‍්‍රවරුන් යළි තම තමන්ගේ සුපුරුදු රාජකාරී සඳහා පැමිණ සිටිනවා දකින්න ලැබීම සතුටක් යැයි කතා නායක බර්කව් පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවීමට තීරණය කළ අවස්ථාවේදී ඊට විරෝධය දක්වමින් අදහස් පළ කළ අයකු වූයේ ජෝන් බර්කව් සැලකෙයි. එම අවස්ථාවේදී තමන් කතා නායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව ද බර්කව් පැවැසීය.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS