බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සැසිය කල් දමයි



බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සැසිවාරය කල් දමන්නැයි බි‍්‍රතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන් කළ ඉල්ලීමට බි‍්‍රතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ අනුමැතිය හිමිවිය.

ගී‍්‍රස්ම නිවාඩුවෙන් පසු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ලබන සැප්තැම්බර් 9 වැනිදා සහ 12 වැනිදා අතර දිනෙක ආරම්භ වීමට නියමිතය තිබුණි. සිය කොන්සවර්ටිව් පක්ෂයේ ද සහාය ඇතිව අගමැති ජොන්සන් පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට තීරණය ගෙන ඒ සඳහා මහ රැුජිනගේ අවසරය ඉල්ලා සිටියේ හිටිහැටියේය. එය බොහෝ දෙනාගේ මවිතයට හේතුවක් වුණැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පැවැසූහ.

ගී‍්‍රස්ම නිවාඩුවෙන් පසු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සැසිය යළි ආරම්භ වන්නේ මහ රැුජිනගේ රාජාසන කථාව සමඟිනි. ඒ අනුව, යළි පාර්ලිමේන්තු සැසිය ඇරැුඹෙනු ඇත්තේ ඔක්තෝබර් 14 වැනිදා යැයි ද පැවැසෙයි.

බි‍්‍රතාන්‍ය අගමැති ජොන්සන් හිටිහැටියේ පාර්ලිමේන්තු සැසිය මෙසේ කල් දැමීමට තීරණය කළේ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි‍්‍ර‍්‍රක්සිට්’ කි‍්‍රයාවලිය මුල්කොට ගනිමින් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දී ඇති නමුත් අගමැතිවරයා එම අදහස ප‍්‍රතික්ෂේප කරයි.

අගමැති ජොන්සන් පවසා ඇත්තේ තම නව රජය අලූත් ගමනකට සූදානම් වන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීම සඳහා කල් ගැනීමට පාර්ලිමේන්තු සැසිය මෙසේ කල් දැමූ බවය.

පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට අගමැති ජොන්සන් ගත් තීරණයට විරෝධය දැක්වීමක් ලෙස විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් සහ කම්කරු පක්ෂ කි‍්‍රයාකාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. එය බරපතල ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවක් යැයි කම්කරු පක්ෂයේ නායකයා මෙන්ම බි‍්‍රතාන්‍යයේ විපක්ෂ නායකයා ද වන ජෙරමි කෝර්බින් චෝදනා නගා ඇත. තමන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් පවා ගෙන ඒමට සූදානම් බව කෝර්බින් වැඩිදුරටත් පවසා තිබේ.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කතා නායකවරයා පක්ෂ අභ්‍යන්තරයේ හටගන්නා ගැටුම්වලට මැදිහත් වීමෙන් වැළකී සිටින අයකු ලෙස සැලකෙයි. වර්තමානයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කතා නායකවරයා ලෙස කටයුතු කරන්නේ ජෝන් බ‍්‍රැකෝය. ‘ව්‍යවස්ථාමය වශයෙන් ඉතා බරපතල සිදුවීමක්’ යැයි කතා නායකවරයා මෙම සිදුවීම අර්ථ ගන්වා ඇත.

බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරන අන්දමට ජෝන් බ‍්‍රැකෝ සෘජුව බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ගත් තීරණය විවේචනය කර ඇතැයි ද වාර්තා වේ. බි‍්‍රතාන්‍ය කතා නායකවරයකු මෙවැනි අර්බුදයක් සම්බන්ධයෙන් සෘජුව අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙය යැයි ද බි‍්‍රතාන්‍ය පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කරයි.

මහා බි‍්‍රතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ ප‍්‍රධාන ඇමැතිනී නිකොලා ස්ටර්ජන් ද සිය විරෝධය අගමැති ජොන්සන් ප‍්‍රමුඛ රජයට දක්වා ඇත. සියපු විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, අගමැති ජොන්සන්ට විරෝධය දැක්විය යුතු යැයි ඇය පෙන්වා දී ඇත.

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය ඔක්තෝබර් 31 වැනිදාට පෙර සම්පූර්ණ කළ යුතුව ඇත. බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීමට නියමිතව තිබුණේ මාර්තු මාසයේ 29 වැනිදාය. කෙසේ නමුත්, එය නිසි පරිදි සිදුනොවිණි. අගමැති ධුරයේ සිටි තෙරේසා මේ ට පක්ෂ නායකත්වය ද අහිමි වී පක්ෂ නායකත්වය ජොන්සන්ට හිමිවිය. ඒ, කොන්සවර්ටිව් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡුන්ද විමසුමිනි. බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරයට පත්වන්නේ පාලක පක්ෂයේ නායකයාය.

කල්දැමීමෙන් පසු යළි ඔක්තෝබර් 14 වැනිදා පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙද්දී බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන්, අගමැති ජොන්සන්ගේ රජය ඉදිරිපත් කරන යෝජනාවට කිසිවකුවටත් විරෝධය පළ කිරීමට කල්වේලා නොලැබෙන බව දේශපාලන විෂ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව, කිසිදු ගිවිසුමකින් තොරව, බි‍්‍රක්සිට් කි‍්‍රයාවලිය අවසන් කිරීමට අගමැති ජොන්සන් බලාපොරොත්තු වෙයි.

ගිවිසුමක් සහිතව මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවහොත්, යුරෝපා සංගමය සහ මහා බි‍්‍රතාන්‍යය අතර ඉදිරියේ දී එකඟතාවක් පවත්වා ගැනීමට හැකිවනු ඇත. දේශසීමා, තීරු බදු ආදිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයට වාසි අත්වේවි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

රොයිටර්ස්


RECOMMEND POSTS