බි්රතාන්ය අගමැතිගේ ටිකට් කපලා

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයකු ලෙස රෝහල්ගත කරනු ලැබ සිටි බි්රතාන්ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියේය.
අග්‍රාමාත්‍යවරයා රෝහලෙන් පිටව ගියේ ඔහුට ප්‍රතිකාර කරමින් ඔහුගේ ජීවිතය බේරු සියලූ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයට ස්තුති කරමිනි. අග්‍රාමාත්‍යවරයා ඇතුළත් කරනු ලැබ සිටියේ ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලටය.
වයිරසය ආසාදනය වීමෙන් පසු අග්‍රාමාත්‍ය ජොන්සන් දින 10 ඩවුනින් වීදියේ අංක 10 නිල නිවසේ නිරෝධායනය වී සිටියේය.
පසුව ස්වසන අපහසුතා හේතුවෙන් ඔහු රෝහල් ගත කෙරුණු අතර තෙදිනක් දැඩි සත්කාර ඒකකයේ සිටියේය.
(රොයිටර්)

