බ්‍රෙ‍්‍රක්ස්ට් යෝජනාව විවාදයට ගන්න ඉඩ දෙනවා



ලබන දෙසැම්බර් 12 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීමට එකඟත්වය පළ කරන්නේ නම්, තමන් සැකැසූ නවතම බ්‍රෙක්සිට් යෝජනාව හොඳින් අධ්‍යනය කිරීමට සහ විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවට ඇතිතරම් කල්වේලා ලබා දෙනවා යැයි බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසයි.

බ්‍රෙක්සිට් යනු මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ කි‍්‍රයාවලියයි. මෙම කි‍්‍රයාවලිය මෙම 31 වැනිදාට පෙර අවසන් කළ යුතුව ඇත. හිටපු අගමැතිනී තෙරේසා මේ සේම, අගමැති බොරිස් ජොන්සන් ද බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් සැකැසූ එම යෝජනාවලිය අර්බුදයකට ලක් වී ඇත.

අගමැති ජොන්සන් උත්සාහ ගන්නේ යුරෝපා සංගමය සමඟ එකඟතාවක් ඇති කරගෙන හෝ නොගෙන යුරෝපා සංගමයෙන් ඉවත්වීමටය. එකඟතාවක් නොමැතිව මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වුවහොත් එය මහා බි‍්‍රතාන්‍යයට අවාසිසහගත වනු ඇත.

එහෙයින්, විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් පමණක් නොව, ජොන්සන්ගේ පාලක පක්ෂය වන කොන්සවටිව් පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගෙන් ද ඊට විරෝධයක් එල්ල වී ඇත.

මීට අමතරව ජොන්සන් උත්සාහ ගත්තේ ඔහුගේ බ්‍රෙක්සිට් යෝජනාව, පාර්ලිමේන්තුවේ දී විවාදයට නොගෙන සම්මත කර ගැනීමටය. ඒ සඳහා අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව කල් දැමීමට ද කටයුතු උත්සාහ ගත් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට විරෝධය දැක්වීය.

ලන්ඩනයේදීය (එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS