බ්‍රෙක්සිට් යෝජනාව පාර්ලිමේන්තුවේදී පරදී



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සකස් කළ නව යෝජනාව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය පරාජයට පත් විය. ඒ අනුව, කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇතැයි අගමැති ජොන්සන් පැවැසීය.

අගමැති බොරිස් ජොන්සන් එම නව බ්‍රෙක්සිට් යෝජනාව සකස් කර ඇත්තේ, යුරෝපා සංගමය සමඟ කිසිදු එකඟත්වයකින් තොරව, මහා බි‍්‍රතාන්‍යය ඉවත් කර ගැනීම සඳහාය. යෝජනාව නියෝජිත මන්තී‍්‍ර මණ්ඩල හමුවට යොමු කළ අවස්ථාවේදී, පැය 3 ක වාද විවාදවලින් පසු ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්විණි.

අගමැති ජොන්සන්ගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ මන්තී‍්‍රවරු 21 ක් අගමැතිවරයාගේ යෝජනාවට විරෝධය දැක්වූහ. විරුද්ධව ඡුන්ද 328 ක් හිමිවුණු අතර යෝජනාවට සහාය දක්වමින් ඡුන්දය ලබා දුන්නේ 301 ක් පමණි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS