බ්‍රිතාන්‍යය ලොක්ඩවුන් කරන්න සැරැසෙයි

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියනයේ සීමාව පසු කිරීමත් සමඟ, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින්, මහා බ්‍රිතාන්‍යය මාසයක කාලයක් අගුළු දැමීමට (ලොක්ඩවුන්) තීරණය කළ බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.
ඒ අනුව, කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින්, මහා බ්‍රිතාන්‍යය ලොක්ඩවුන් කෙරෙන දෙවැනි අවස්ථාව මෙයයි. ලබන පස් වැනිදා එම ලොක්ඩවුන් ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බවත්, එය දෙසැම්බර් දෙවැනිදා තෙක් බල පැවැත්වෙනු ඇති බවත් අග්‍රාමාත්‍ය ජොන්සන් පැහැදිලි කළේ රූපවාහිනියෙන් ජාතිය අමතමිණි.
ලොක්ඩවුන් කාලසීමාව අතරතුරේ ජනතාවට නිවෙස්වලින් පිටතට යා හැක්කේ, අත්යානශ්ය භාණ්ඩ මිලදී ගැනීමට, ඖෂධ මිලදී ගැනීමට, වෛද්‍ය ආධාර ලබා ගැනීමට සහ ව්‍යායාම සඳහා පමණක් යැයි ද පැවැසෙයි.
පාසල් සහ විශ්ව විද්‍යාල සෞඛ්‍ය උපදෙස් අනුව, දිගටම විවෘතව තැබෙනු ඇති අතර, පනවා ඇති ලොක්ඩවුන් තහංචි පාසල් දරුදැරියන්ට හෝ විශ්ව විද්‍යාල සිසුන්ට හෝ අදාල නොවන බව ද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.
ලොක්ඩවුන් කාලසීමාවේ වෙළෙඳසැල් සහ ඔසුසැල් දිගටම විවෘතව තැබෙන අතර අත්‍යාවශ්‍ය සේවා දිගටම පවත්වාගෙන යෑම සිදුවෙයි. නිවසේ සිට රැකියාව කිරීමට අවස්ථාව ලැබෙන අතර, කාර්යාල සඳහා ගේනවා ගැනෙන්නේ අත්‍යාවශ්‍ය කිහිප දෙනකු පමණි.
මේ වනවිට මහා බ්‍රිතානයෙන් දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 20,000 පසු කර තිබේ. රෝහල් සියල්ල රෝගීන්ගෙන් පිරී ගොස් අවසන් බව ද පැවැසෙයි. සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ මෙම තත්ත්වය යටතේ දෙසැම්බර් මාසය අවසන් වෙද්දී මරණ 80,000 ක් අපේක්ෂා කළ හැකි බවය.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සෞඛ්‍ය උපදෙස් අනුව රට ලොක්ඩවුන් කිරීමට තීරණය කළේ ඒ අනුවය. පසුගිය අප්‍රේල් මාසයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද කොරෝනා වයිරසය ආසාදනය වී, දැඩි සත්කාර ඒකකයේ ද දිනක් ගත කරමින් පසුව සුවය ලැබුවේය.
අද (1) වනවිට මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් ගණන 1,011,660 කි. කොරෝනා මරණ වාර්තා වන්නේ 46,555 ක් ලෙසිණි. ලොව පස්වැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ මහා බ්‍රිතාන්‍යයෙනි.
බ්‍රිතාන්‍යයේ පළමු කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ පසුගිය පෙබරවාරියේය. මාර්තු 18 වැනිදා වනවිට ආසාදිතයන් වැඩිවීමට පටන් ගත් නමුත් අගෝස්තු 25 වනවිට එහි යම් අඩුවීමක් පෙන්නුම් කළේය. පළමුවරට බ්‍රිතාන්‍යය ලොක්ඩවුන් කෙරුණේ මාර්තු 23 වැනිදා සිට ජූලි 4 දක්වාය. සැප්තැම්බර් 10 වැනිදායින් පසු යළිත් වරක් ආසාදිතයන් වැඩිවීමට පටන් ගත්තේය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් වයිරසයේ දෙවැනි රැල්ල ලෙස මෙය හඳුන්වා දී තිබේ.
ලන්ඩනයේදීය (රොයිටර්)

