බ්‍රසීලයේ හිටපු ජනපති ඡන්ද සටනට



අල්ලස් සහ මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, දොළොස් වසරක සිරදඬුවම් විඳින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ඉදිරියේ පැවැත්වෙන ජනධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙයි.

බ්‍රසීලයේ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත්තේ ඔක්තෝබර් 7 වැනිදාය. ලූලා ද සිල්වා නියෝජනය කරන්නේ බ්‍රසීල කම්කරු පක්ෂයයි. ඔහු ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට කම්කරු පක්ෂය තීරණය කළේ පක්ෂ මහ සමුළුවේදීය.

පක්ෂ සාමාජිකයන් 2,000 ක පිරිස ඒකමතිකව තීරණය කළේ තම ජනපති අපේක්ෂකයා විය යුත්තේ ලූලා ද සිල්වා කියාය.

තමන්ට එල්ල වී ඇති චෝදනා ලූලා ද සිල්වා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසා ඇත්තේ තමන් දේශපාලන ප්‍රතිවාදීන්ගේ පළිගැනීමට ලක්වී සිටින බවය. ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ධුරයට පත් වූයේ 2002 වසරේදීය.

(රොයිටර්)

 


RECOMMEND POSTS