බ්‍රසීලයට කහ උණ
බ්‍රසීලයේ කහ උණ වසංගත තත්ත්වයක් ප්රතාශයට පත් කිරීමට එරට සෞඛ්‍ය බලධාරීහු ඊයේ (26) අනතුරු ඇඟවීය.
2000 වසරෙන් පසු බ්‍රසීලයේ කහ උණ වසංගත තත්වයක් හටගත් පළමු අවස්ථාව මෙය යැයි බ්‍රසීල සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති. කහ උණ වසංගත තත්වයක් පවතින්නේ මිනාස් ගිරායිස් පළාතේය.
කහ උණ රෝගීන්ට ලබා දෙන එන්නත් මිලියන 11.5 ක් ලබා ගැනීමට බ්‍රසීල රජය සූදානමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් ආධාර ලබා දෙන්නැයි ද රජය ජගත් සංවිධානවලින් ඉල්ලීමක් කර තිබේ.
බ්‍රසීල රෝහල් වාර්තාවලට අනුව කහ උණ රෝගීන් 300 කට අධික පිරිසක් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් 40 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.
කහ උණ මාරක වයිරස රෝගයක් වන අතර මෙය මදුරුවන්ගෙන් ආසාදනය වෙයි. බ්‍රසීලයේ කහ උණ පමණක් නොව මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු සහ සීකා උණ ද පැතිරෙමින් පවතී.
(රොයිටර්)

