බ්‍රසීල බන්ධනාගාරයේ ගැටුමින් 57 ක් මරුට



බ්‍රසීල බන්ධනාගාරයක් තුළ අපරාධ කල්ලි දෙකක් අතර හටගත් ගැටුමකින් රැඳෙවියෝ 57 ක් ජීවිතක්ෂයට පත්වූහ.

ගැටුම හටගත්තේ ඇල්ටමීරා නගරයේ බන්ධනාගාරයේය. මියගිය 57 දෙනාගෙන් 16 දෙනකුගේ හිස් ගසා දමා තිබුණු බව ද පැවැසෙයි.

කලහයකින් පසු බන්ධනාගාරයේ ගැටුම හටගත්තේ උදෑසන 7 ට පමණය. ඇද ඇතිරිලි සහ කඩදාසි ගිනි තබමින්, රැඳෙවියෝ කලහය ආරම්භ කළහ. හටගත් ගින්නට හසුවීමෙන් ද කිහිපදෙනකු ද පිළිස්සී මියගිය බව ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS