බ්‍රසීල ජනාධිපතිට තවමත් කොරෝනා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු යැයි තහවුරු වුණු බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ නැවතත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුණු අතර, ඔහු තවමත් ‘කොවිඩ් 19’ විෂ බීජ ඔහුගේ සිරුරේ ඇති බව එහිදී අනාවරණය විය.

ජනාධිපති බොල්සරානෝ ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය සතියේය. ඒ, උණ සහ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේදීය.

වයිරස අසාදිතයකු වුවත් තමන් හොඳින් පසුවන බවත්, වෛද්‍යවරුන් තමන් රැක බලා ගන්නා බවත් බොල්සරානෝ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

නිරෝධානයේ පසුවන තමන්, තම රාජකාරි දිගටම සිදු කරන බවත්, වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ ඇමැතිවරුන් හමුවන බවත් බොල්සරානෝ වැඩි දුරටත් පවසා තිබේ.

බ්‍රසීලියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS