බ්‍රසීල ජනපතිට කොරෝනා නෑ



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු ලෙස ජනාධිපති මන්දිරයේ වෛද්‍ය අධීක්ෂනය යටතේ හුදෙකලා වී සිටි බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ සති දෙකකට පසු යළි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුණි.

එම අවස්ථාවේදී තහවුරු වූයේ ඔහුගේ සිරුරේ ‘කොවිඩ් 19’ විෂබීජ නොමැති බව යැයි වෛද්‍යවරු පැවැසූහ. 65 හැවිරිදි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ ඒ බව නිවේදනය කර තිබේ.

ජනාධිපති බොල්සරානෝ ‘කොවිඩ් 19’ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ සිවුවැනි අවස්ථාව මෙය විය. තවත් ආසාදිතයකු ලෙස සිටිද්දී පවා දිගටම මැලේරියා නාශක හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් පෙත්තක් දිනපතා භාවිත කළ බවත්, එය වයිරසය පරාජය කිරීමට හේතුවක් වූ බව තමන් විශ්වාස කරන බවත් ජනපතිවරයා පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS