බ්‍රසීල ජනපතිට කොරෝනා නෑ



බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

බ්‍රසීල ජනපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයාට කොරෝනා ආසාදනය වීමත් සමඟ ජනාධිපතිවරයාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බියක් පැතිර ගියේය.
එසේ බිය පැතිරෙද්දී, ඇතැම් පුවත් සේවා වාර්තා කරන්න වූයේ ජනපතිවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවය.

බ්‍රසීල ජනාධිපතිවරයා එරට හමුදා රෝහලේදී වෛද්‍ය පරීක්ෂණවලට ලක් කෙරුණු බවත් එහිදී ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව තහවුරු වී ඇති බවත් බ්‍රසීල පුවත් සේවා අද (14) වාර්තා කළේය.

‘තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවත්, මාධ්‍ය බොරු පුවත් පළ කළ බවත්’ ජනාධිපති බොල්සරානෝ, ට්විටර් පණිවුඩයකින් දන්වා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS