බ්‍රසීල ජනපති ලූලාට හදිසි සැත්කමක්
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසි සැත්කමකට භාජන කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 79 හැවිරිදි ජනාධිපතිවරයා හදිසි සැත්කමකට භාජන කළේ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් යැයි ද පැවැසෙයි.
ජනාධිපති ලූලා ද සිල්වා මේ වනවිට සාඕ පාවුලෝ නුවර, සිරියෝ ලිබානේස් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, ඔහුගේ තත්ත්වය තරමක් යහපත් අතට හැරී ඇති බවත්, රෝහල් ආරංචි මාර්ග පවසයි.