බ්‍රසිල විකෘතිය පිලිපීනයේ



බ්‍රසීලයෙන් පළමු වරට හඳුනා ගැණුනු කොරෝනා වයිරසයේ බිහිසුණු විකෘති ප්‍රභේදය, මේ වනවිට පිලිපීනයට ද පැතිර ගොස් තිබේ.

බ්‍රසීල විකෘතිය අනෙක් විකෘති වයිරස ප්‍රභේදවලටත් වඩා සම්ප්‍රේෂණ හැකියාව වැඩි බවත්, එය එන්නත්වලින් ද මට්ටු කිරීම අසීරු බවත් සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත.

මේ වනවිට ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිත මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. ඊට හේතුව වී ඇත්තේ මෙම නව විකෘතිය යැයි පැවැසෙයි.

බ්‍රසීලයේ සිට යළි පිලිපීනය බලා ආ පිලිපින වැසියන්ගෙන් වයිරසය එරටට ව්‍යාප්ත වන්න ඇතැයි මේ වනවිට තහවුරු වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS