බ්ලූම්බර්ග් ඇමෙරිකන් ජනපති සටනට

ඇමෙරිකාවේ 7 වැනි ධනවතා ලෙස ෆෝබ්ස් සඟරාව විසින් නම් කරනු ලැබූ බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ නිර්මාතෘ 77 හැවිරිදි මයිකල් බ්ලූම්බර්ග් ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙයි.
බ්ලූම්බර්ග් ඒ බව නිල වශයෙන් දන්වා ඇත. බ්ලූම්බර්ග් ප්රතිවාදී ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරයි.
මේ වනවිට ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් අපේක්ෂකයෝ 17 දෙනෙක් 2020 දී පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙති.
ඔවුනොවුන් අතරේ පැවැත්වෙන තරගයෙන් අවසානයේ දී එක් අපේක්ෂකයකු පමණක් තෝරා ගැනීම සිදුවෙයි. එම ඩිමොක්රටික් අපේක්ෂකයා රිපබ්ලිකන් ජනපති ඩොනල්ඞ් ට්රම්පගේ ප්රතිවාදියා වනු ඇත.
කැලිෆෝනියාවේදීය (ඒ.එෆ්.පී.)

