බහරේනයේ සිවිල් නඩු හමුදා අධිකරණයට !

හමුදා අධිකරණ ඔස්සේ සිවිල් නඩු විභාගකිරීමට අවසර දීම සඳහා ඉදිරිපත් කෙරුණු ව්‍යවස්ථා සංශෝධනයක් බහරේන රජය විසින් අනුමත කරනු ලැබ ඇත.
ත්රස්තවාදයට එරෙහිව සටන්කිරීම සඳහා මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව ඊට සහයෝගය දක්වන පිරිස් පවසති.
2011 වසරේ පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලින් අනතුරුව දේශපාලන ප්‍රතිසංස්කරණ කරා යොමුවෙමින් සිටින බහරේනයේ මෙවැනි නීතියක් සම්මතවීම මගින් නිලනොවන යුද නීතියක් රට තුළ ස්ථාපනයවන බව බහරේන සිවිල් සමාජ ක්‍රියාකාරීහු පවසති.
2011 දී විරෝධතා දියත්වීමෙන් අනතුරුව බහරේනයේ බහුතර ප්‍රජාව වන ෂියා මුස්ලිම්වරුන් සියගණනක් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුණි.
ෂියා මුස්ලිම්වරුන් කියා සිටින්නේ රටේ බහුතර ප්‍රජාව වන තමන්ට වැඩි දේශපාලන අයිතිවාසිකම් ලබාදිය යුතු බවය
( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....

