බලපෑම්වලට කැමැති නෑ



අනවශ්‍ය ආකාරයට ඇමෙරිකාවෙන් තමන්ට බලපෑම් එල්ල වෙමින් පවතින බවත්, එසේ බලපෑම් එල්ල වෙනවාට තමන් අකමැති බවත් උතුරු කොරියා රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඇමෙරිකාව උතුරු කොරියාවට මෙසේ බලපෑම් එල්ල කරන්නේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. සාමයට පිවිසී සිටින උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික අවිහරණයකට පොරොන්දු වී ඇත.

පසුගිය දා සිංගප්පූරුවේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවුණු අවස්ථාවේදී ද උතුරු කොරියා නායකයා මේ බව තහවුරු කළේය. කෙසේ නමුත් පොරොන්දු වූ පරිදි උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු නොකරන බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකාවෙන් තමන්ට අනවශ්‍ය ලෙස බලපෑම් එල්ල වෙනවා යැයි උතුරු කොරියාව චෝදනා නගන්නේ මේ සම්බන්ධයෙනි.  

(රොයිටර්)


RECOMMEND POSTS