බයිඩන්ට කොරෝනාදැයි සැකයක්



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි රාවයක් පැතිර යමින් ඇති අතර, ඇමෙරිකන් මාධ්‍ය ඒ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත සොයා බැලීමට උත්සාහ කළ නමුත් ධවල මන්දිරය කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

මේ වනවිට පසුගිය දින කීපයේ බයිඩන් හා සමීපව ඇසුරු කළ ඉහළ නිලධාරීන් බොහෝ දෙනකු ‘කොවිඩ් 19’ ආසාදිතයන් බව තහවුරු වී තිබේ. සාමාන්‍යයෙන් සතියකට දෙවරක් ජනාධිපති බයිඩන් ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කෙරේ.

කෙසේ නමුත් බයිඩන්ගේ අවසන් ‘කොවිඩ් 19‘ පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ධවල මන්දිරය ඊයේ (16) වනතුරුත් කිසිවක් පවසා තිබුණේ නැත. ජනාධිපති බයිඩන්ට ‘කොවිඩ් 19‘ ආසාදනය වී ඇතැයි යන සැකය මතුවී ඇත්තේ එහෙයිනි.

(රොයිටර්)


RECOMMEND POSTS