බයිඩන්-ජින්පින් හමුවෙලා



ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මුහුණට මුහුණ විශේෂ හමුවක් පැවැත්විණි.

හමුව පැවැත්වූයේ ‘ජී20’ සමුළුවට සමගාමීවය.

‘ඔබ දැකීම ඇත්තටම සතුටක්’ යැයි පවසමින් රාජ්‍ය නායකයෝ දෙදෙනා එකිනෙකා පිළිගත්හ. ඇමෙරිකාවත් චීනයත් අතර පවතින මත ගැටුම් අවසන් කිරීමේ අරමුණින් ජනාධිපතිවරුන් දෙදෙනා මෙසේ හමුවුණු බව පැවැසෙයි.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ජින්පින් මුහුණට මුහුණ හමුවී දෙරටේ අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS