බයිඩන් ඇමසන් වැසි වනාන්තරයට ගිහිල්ලා



‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.

ඇමසන් වැසි වනාන්තරය ලතින් ඇමෙරිකා රටවල් කීපයකට අයත් වෙයි. එයින් වැඩි කොටසක් අයත් වන්නේ බ්‍රසීලයටය. ජනාධිපති  බයිඩන්, රැගත් ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානය, බ්‍රසීලයේ මනාවුස් නගරයට ගොඩ බෑ අතර, බයිඩන් ඉන්පසු සිය ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරාගෙන‘මැරීන් 1’ නිල හෙලිකොප්ටර් යානයේ නැගී ඇමසන් වැසි වනාන්තරයට ගියේය. 

පා ගමනින් වැසි වනාන්තරයේ ඇවිද ගිය බයිඩන්, වනාන්තරය මැදදී ඇමසන් වැසි වානන්තරය ද ඇතුළු ලෝකයේ සෙසු වනාන්තර සංරක්ෂණ දිනය ලෙස නොවැම්බර් 17 වැනිදා නම් කරමින් විශේෂ ලියවිල්ලකට ද අත්සන් කළේය.
එම අවස්ථාවට බ්‍රසීල රජයේ නියෝජිතයන්, ඇමසන් ස්වදේශීය ගෝත්‍රික වැසියන්ගේ නියෝජිතයන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.


RECOMMEND POSTS