බබාලා නැතිව කිම් ජොන් උන් කනස්සල්ලෙන්



මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේ උතුරු කොරියා නායක කිම් ජොන් උන් දැඩි ලෙස සංවේදී වෙමින්, කඳුළු පිස දමන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී තිබේ.

උතුරු කොරියානු නායකයා සංවේදී වෙමින් කඳුළු පිස දමන්න වූයේ එරට යොංග්යැංග් අගනුවර විශේෂ උත්සවයකදී මවුවරුන් පිරිසක් හමුවුණු අවස්ථාවේදීය.

උතුරු කොරියා නායකයා එහිදී රැස්ව සිටි කාන්තාවන් හමුවේ පැහැදිලි කළේ රටේ උපත් අනුපාතය දිනෙන් දින පහළ යමින් පවතින බවය. උතුරු කොරියාවේ පැවැත්ම උදෙසා වැඩි වැඩියෙන් දරුවන් රටට අවශ්‍ය යැයි නායක කිම් ජොන් උන් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS