බටහිර නායකයෝ අප්‍රසාදය පළ කරති



ඉන්දියාවේ උපන්, බ්‍රිතාන්‍ය ජාතික ලේඛක ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩිට එල්ල වූ පිහි ප්‍රහාරය හෙලා දකිමින් බ්‍රිතාන්‍යයේ වැඩ බලන අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇතුළු බටහිර රටවල රාජ්‍ය නායකයෝ අප්‍රසාදය පළ කර තිබේ.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ද සල්මාන් රුෂ්ඩිට එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලවන් ට්විටර් පණිවුඩයක් හරහා රුෂ්ඩිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර ඇත. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද සිද්ධිය ගැන කනගාටු වෙමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

1989 වසරේ දී මරණ තර්ජන එල්ල වීමෙන් පසු රුෂ්ඩි, බ්‍රිතාන්‍ය රජය ලබා දුන් පොලිස් ආරක්ෂාව මැද බ්‍රිතාන්‍යයේ සැඟවී ජීවත් විය.

සාහිත්‍යය සඳහා කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයෙන් රුෂ්ඩි 2007 දී නයිට් පදවිය හිමිවිය. රුෂ්ඩිගේ නවතම කෘතිය ‘වික්ටරි සිටී’ ලබන පෙබරවාරියේ එළි දැක්වීමට නියමිත බව පැවැසෙයි. රුෂ්ඩි ඇමෙරිකාවේ පදිංචියට ගොස් ඇත්තේ 2000 වසරේදීය. ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි, සිවු වතාවක් විවාහ වී ඇති අතර ඔහුට දරුවෝ දෙදෙනෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS