බංග්ලාදේශයේ විරෝධතා



දිනෙන් දින ප්‍රමාද වන මහ මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි බල කරමින්, අගමැතිනී ශීක් හසීනාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.

විරෝධතාව සංවිධානය කර තිබුණේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘බංග්ලාදේශ ජාතික පක්ෂය’ යි. අගමැතිනී ශීක් හසීනා නායකත්වය දෙන්නේ ‘අවාමි ලීගය’ පක්ෂයටය. හසීනා ප්‍රමුඛ අවාමි ලීගය 2009 වසරේ සිට බලයේ රැඳී සිටී.

ජනගහනය අතින් ලොව අට වැනි ස්ථානයේ පසුවන්නේ බංග්ලාදේශයයි. අගමැතිනී ශීක් හසීනා රජයට දූෂණ වංචා චෝදනා බමණක් නොව, මානව ආයිතිවාසිකම් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

විපක්ෂය විරෝධතා පවත්වන්න වූයේ මෙම වසරේ ජනවාරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය දිනෙන් දින ප්‍රමාද වන බැවිනි. අග්‍රාමාත්‍ය ශීක් හසීනා ඉල්ලා අස්විය යුතු බවත් භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණය පැවැත් විය යුතු බවත් විපක්ෂය වන ‘බංග්ලාදේශ ජාතික පක්ෂය’ පවසා තිබේ.

විරෝධතා මෙහෙයවූ විපක්ෂ ක්‍රියාකාරීන් මර්දනයට පොලිසිය යෙදවුණු අවස්ථාවේදී, විරෝධතාකරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසෙයි.


RECOMMEND POSTS