බංග්ලාදේශ මහ මැතිවරණය ඇරැඹේ



දැඩි ආරක්ෂාවක් මැද, බංග්ලාදේශ මහ මැතිවරණය උදෑසන ආරම්භ විය.

ඡන්ද මධ්‍යස්ථාන 40,000 ක් ස්ථාපිත කර තිබුණු අතර, ආරක්ෂාව වෙනුවෙන් ලක්ෂ 6 ක පොලිස් සහ හමුදා බළඇණියක් යොදවා තිබුණි.
1971 වසරේ බංග්ලාදේශයට නිදහස හිමිවීමෙන් පසු, පැවැත්වෙන 11 වැනි මහ මැතිවරණය මෙයයි. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි පිරිස මිලියන 104 කි.

බංග්ලාදේශයේ පාලක පක්ෂය වන්නේ අගමැතිනී ශීක් හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගයයි. අවාමි ලීගය ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ ද සමඟ සන්ධානගතවී මැතිවරණයට ඉදිරිපත් වෙයි. සිවුවැනි වරටත් අගමැති ධුරය අපේක්ෂාවෙන් ශීක් හසිනා මැතිවරණයට ඉදිරිපත් වී සිටී.

ශීක් හසීනා සහ අවාමි ලීගයට අභියෝගයක් එල්ල වන්නේ විපක්ෂ දේශපාලන සන්ධානයෙනි. විපක්ෂ දේශපාලන සන්ධානයට නායකත්වය දෙන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව කලීඩා ෂියා දූෂණ චෝදනා ලැබ ඊට වරදකරුවී සිර දඬුවම් විඳිමින් සිටී. එහෙයින්, බංග්ලාදේශ ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයට නායකත්වය දෙන්නේ, 82 හැවිරිදි කමල් හොසේන්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS