බංග්ලාදේශ මහ මැතිවරණය අද



බංග්ලාදේශ මහ මැතිවරණය අද (7) පැවැත්වෙයි.

වත්මන් අග්‍රාමාත්‍ය සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණය වර්ජනය කර තිබේ.

කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවේවි යැයි බියෙන්, මැතිවරණයට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක යෙදවීමට රජය පියවර ගෙන ඇත. බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි.

විපක්ෂය මැතිවරණය වර්ජනය කර ඇති බැවින්, සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය පක්ෂයට පහසු ජයක් හිමිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.  

සීක් හසීනා බංග්ලාදේශයේ අග්‍රමාත්‍ය ධුරය හොබවන්නේ 2009 වසරේ සිටය. ඇය බංග්ලාදේශයේ නිර්මාතෘ මෙන්ම, එරට පළමු ජනාධිපතිවරයාද වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි.


RECOMMEND POSTS