පෝලියෝ විෂබීජ හමුවෙලා



ලන්ඩන් අගනුවර අපවහන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී පෝලියෝ වයිරස විෂබීජ හමුවී ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි.

පෝලියෝ වයිරස විෂබීජ ඇතුළත් එම සාම්පාල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට ද  බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද පැවැසෙයි.

එන්නත්කරණය හරහා මහා  බ්‍රිතාන්‍යයෙන් පෝලියෝ වයිරසය තුරන් කර දැමීම සිදුවූයේ මීට දශක දෙකකට පමණ පෙරය. ඒ අනුව, පෝලියෝ වයිරස විෂබීජ මෙසේ හමුවීම කැලැඹිලිසහගත පුවතක් බව මාධ්‍ය පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS