පෝලියෝ වැඩසටහන යළි ඇරැඹේ



එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් 'යුනිසෙෆ්' සංවිධානයේ මැදිහත් වීමෙන් සිදුවන පෝලියෝ එන්නත්කරණ වැඩසටහනට ඇෆ්ගන් තලේබාන් රජයේ සහාය හිමිවී ඇති බවත්, මේ වනවිට එන්නත්කරණ කටයුතු යළි ආරම්භ වී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

පසුගිය අගෝස්තුවේ ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු තලේබාන්වරුන් යළි බලයට පත් විය. අද වනවිට ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ තලේබාන් රජයකි. තලේබාන්වරුන් බලයට පත්වූ අවස්ථාවේ සිට පෝලියෝ එන්නත්කරණ වැඩසටහන අඩපණ වී තිබුණි.

පෝලියෝ එන්නත්කරණ වැඩසටහනට තලේබාන් රජයේ සහාය හිමිවීම සම්බන්ධයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසැසුම හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(ඒ.ඒෆ්.පී.)


RECOMMEND POSTS