පෝලන්ත අගමැතිනිය රෝහලේ



රිය අනතුරකින් තුවාල ලැබූ පෝලන්ත අගමැතිනී බියේටා සයිඞ්ලෝ තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එරට පුවත් සේවා වාර්තා කරයි.

අගමැතිනිය අනතුරට ලක්වූයේ ඇය ඇගේ රියදුරු සහ ආරක්ෂක නිලධාරියකු ද සමඟ පෞද්ගලික මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිද්දීය. තවත් මෝටර් රථයක් ඇගේ රිය දෙසට පැමිණ ඇති අතර, එම මෝටර් රිය මඟ හැරීමට අගමැතිනියගේ රියදුරු උත්සාහ ගනිද්දී  රථය මාර්ගය අසල ගසක හැපී ඇත.

අනතුරින් 53 හැවිරිදි අගමැතිනිය බියේටා සයිඞ්ලෝ පමණක් නොව, ඇගේ රියදුරා සහ ආරක්ෂක නිලධාරියා ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඔවුන් ළඟම පිහිටි රෝහලට ඇතුළත් කළ අතර පසුව වෝර්ෂෝ අගනුවරට හෙලිකොප්ටරයක ආධාරයෙන් රැගෙන යන ලදී.

(රොයිටර්)


RECOMMEND POSTS