පොරොන්දු ක්‍රියාත්මක කරන්න ට්‍රම්ප් සූදානමින්
නියෝජිත ඡන්ද 277 කට වැඩි ගණනක් දිනා ගනිමින් යළිත් වරක් ජනාධිපති ධුරයට පත්වුණු රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණ වේදිකාවේ දුන් ඡන්ද පොරොන්දු ගැන මේ වනවිට කාගේත් උනන්දුව යොමු වී ඇත.
නීත්‍යානුකූලව, ලේඛනගත නොවූ සංක්‍රමණිකයන් පිටුවහල් සියලු දෙනා ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමට ට්‍රම්ප් පොරොන්දු වී ඇත.
ගෝලීය උණුසුම පිටුදැකීමට සෙසු ලෝක නායකයන් එක් වී හඳුන්වා දී ඇති දේශගුණික විපර්යාස පිළිබඳ රෙගුලාසිවලින් ඇමෙරිකාව ඉවත් කර ගන්නා බව ද ට්‍රම්ප් පොරොන්දු වී ඇත. පැය 24 ක් ඇතුළත යුක්රේන රුසියන් යුද්ධය අවසන් කිරීම, ගබ්සා තහනම් නීතියට එරෙහි වීම ද ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දු වෙයි.
2020 වසරේ ජනාධිපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත් වූ අවස්ථාවේදී, ඔහු ඩිමොක්රටික් පාක්ෂික ජෝ බයිඩන්ට පරාජය විය. එම අවස්ථාවේදී ට්‍රම්ප් පරාජය බාර ගත්තේ නැත. ට්‍රම්ප් වටා රොක් වී සිටින දක්ෂිණාංශික මතධාරීන් ට්‍රම්ප්ට සහාය පළ කරමින්, ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින්, 2021 ජනවාරි 6 වැනිදා කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණාහ. ඒ, එම අවස්ථාවේදී, බයිඩන්ගේ ජය තහවුරු කිරීමට ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) රැස්වුණු බැවිනි.
එම සිද්ධියට අදාලව ට්‍රම්ප් ආධාරකරුවන් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ට සිරදඬුවම් නියම විය. ට්‍රම්ප් පොරොන්දු වී ඇත්තේ, තමන් යළි ජනාධිපති වූ සැණින් ඔවුන් සියලු දෙනාට ජනාධිපති සමාව ලබා දෙන බවය.
අවසන් වශයෙන් ට්‍රම්ප් පොරොන්දු වී ඇත්තේ, අධිනීතීඥ ජැක් ස්මිත් ඔහුගේ ධුරයෙන් නෙරපා දමන බවය. ට්‍රම්ප්ට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කිරීම සිදු කළේ ජැක් ස්මිත් වන අතර, ට්‍රම්ප් පෙරළා ජැක් ස්මිත්ට චෝදනා කළේ තමන්ට මඩ ගැසීමටත්, තමන් යළි ජනාධිපති වීම වැළැක්වීමටත් ජැක් ස්මිත් එසේ ක්‍රියා කළ බවය.