පේරු ජනපතිට වසර 15 ක සිර දඬුවම්



පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි. ඒ, ඔවුන් දෙදෙනා මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ බැවිනි.

පේරු යනු ලතින් ඇමෙරිකා රාජ්‍යයකි. හුමාලා 1962 ජූනි 27 වන දින ලීමා අගනුවරදී උපත ලැබීය. හුමාලාගේ පියා සමාජවාදී දේශපාලන ක්‍රියාකාරිකයෙකි.

හුමාලා පේරු හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කළ අතර 2011 සිට 2016 දක්වා පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස එම ධුරය හෙබවීය. පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස සැලකෙන්නේ ඔලැන්ටා සහ බිරිඳය.

ඔලන්ටා හුමාලා 2006 සහ 2011 වසරවල මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සොයා ගැනීම කර ඇතැයි පැවැසෙන්නේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ‘ඔඩෙබ්‍රෙක්ට්’ හරහාය.

මෙම අරමුදල් රැස් කිරීම කර ඇත්තේ නීති විරෝධී අයුරින් යැයි මේ වනවිට තහවුරු වී ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS