පෙන්ස්-හැරිස් විවාදය



එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ, උප ජනාධිපති ධුරය සඳහා තරඟ වදින රිපබ්ලිකන් අපේක්ෂක මයික් පෙන්ස් සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකා කමලා හැරිස් අතරේ සජීවී විවාදය පැවැත්විණි.

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා පමණක් නොව, උප ජනාධිපතිවරයා ද තෝරා ගැනෙයි. මයික් පෙන්ස්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම වත්මන් උප ජනාධිපතිවරයා වෙයි. දකුණු ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් ජනපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් විසින් තෝරා ගනු ලැබූ උප ජනපති ධුර අපේක්ෂිකාවය.

කමලා හැරිස්

සූසන් පේජ්

මයික් පෙන්ස්

ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර ජනපති ධුර අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද කීපයක් පැවැත්වෙන නමුත් උප ජනපති ධුර අපේක්ෂකයන් වෙනුවෙන් පැවැත්වෙන්නේ එක් විවාදයක් පමණි. යූටා ජනපදයේ සෝල්ට්ලේක් නගරයේ පැවැත්වූයේ එම විවාදයයි. විවාදය මෙහෙයවීම කළේ ඇමෙරිකාවේ යූඑස්ඒ ටුඩේ මාධ්‍යවේදිනය සූසන් පේජ්ය.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් විවාදය පැවැත්වූයේ දැඩි සෞඛ්‍ය නීතිරීතිවලට අනුවය. සමාජ දුරස්ථභාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී තිබුණු බව පැවැසෙයි. ප්ලෙක්සිග්ලාස් වීදුරුවලින් අපේක්ෂකයන් දෙදෙනා වෙන් කර තැබීමට සංවිධානයකයෝ කටයුතු කළහ.

මයික් පෙන්ස්, යළිත් ජනපති ධුරය අපේක්ෂා කරන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කළ අතර, කමලා හැරිස්, ජෝ බයිඩන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කළාය. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය පොදු මාතෘකාවක් වූ අතර ඊට වැඩි කාලයක් යොමු විය.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය ඇමෙරිකන් වැසියන්ගෙන් තොරතුරු වසං කළේ යැයි කමලා හැරිස් චෝදනා කරන්න වූ අතර, වයිරසය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ඇමෙරිකන් වැසියන් බිය ගැන්වූයේ යැයි කමලා හැරිස්ට පෙන්ස් චෝදනා කරන්න විය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා පරාජය කළ නායකයකු යැයි මයික් පෙන්ස් පැවැසුවේ, ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට ඉදිරියේ දී ද ට්‍රම්ප් පියවර ගන්නා බවත් ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මත කරන බවත් මයික් පෙන්ස් අවධාරණය කළේය.

සෝල්ට්ලේක් සිටීහිදීය (රොයිටර්)


RECOMMEND POSTS