පෙන්ටගන් ප්රධානියා අස්වන බව කියයි

ලබන වසරේ පෙබරවාරි මස අවසන් වෙද්දී තමා, ඇමෙරිකා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් වන බව, එම ධුරයේ කටයුතු කරන ජනරාල් ජේම්ස් මැටිස් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ට දැනුම් දී ඇත.
ජේම්ස් මැටිස් මෙසේ සිට තනතුරෙන් ඉවත් වීමට සූදානම් වන්නේ ට්රම්ප් සිරියාවෙන් හමුදා ඉවත් කර ගන්නා බව දැනුම් දීමෙන් පසුවය. ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර ඇත්තේ සිරියාවෙන් හමුදා ඉවත් කර ගැනීමට ට්රම්ප් ගත් තීරණය සම්බන්ධවෙන් මැටිස් සහ ට්රම්ප් අතර මත ගැටුමක් නිර්මාණය වී ඇති බවය.
(රොයිටර්ස්)

