පූර්ණ චන්ද්‍රග්‍රහණය අද

වසර 7 කට පස්සේ අද බිනර පොහොය දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දකින්න ලැබෙයි. පෘථිවියේ උප ඡායාව චන්ද්‍රයා මතට වැටීමෙන් මේ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ රාත්‍රී 8.58 ට. පෘථිවියේ පූර්ණ ඡායාව චන්ද්‍රයා මත පතිත වීම සිදුවනු ඇත්තේ රාත්‍රී 9.57 න් පසුවයි.
රාත්‍රී 11 පසුවෙද්දී, පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ආරම්භ වී, චන්ද්‍රයා ක්‍රමයෙන් රතු පැහැයට හැරෙනු ඇත. විද්‍යාඥයන් මෙම රතු පැහැති චන්ද්‍රයා බ්ලඩ් මූන් ලෙස හඳුන්වයි.
හෙට එනම් සැප්තැම්බර් 8 වැනිදා අලුයම 12.22 වෙද්දී පූර්ණ ග්‍රහණය අවසන් වී, පෘථිවියේ පූර්ණ ඡායාව සහ උප ඡායාව සෙමින් සෙමින් චන්ද්‍රයාගෙන් ඉවත් වීම ආරම්භ වනු ඇත. 2040 ට පෙර, අප ශ්‍රී ලංකාවට දිස්වන දීර්ඝතම මෙන්ම අඳුරුතම පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙය යැයි තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මෙම චන්ද්රග්රහනයේ පූර්ණ අවස්ථාව පැය 1 යි මිනිත්තු 22 ක් පවතිනු ඇතැයි ගණනය කර තිබේ. ශ්‍රී ලංකාවේ අපට යළි මේ ආකාරයේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණයක් දකින්න ලැබෙන්නේ 2040 නොවැම්බර් 18 වැනිදාය.

