පුවර්ටෝ රීකෝ ආණ්ඩුකාරවරයා ඉවත් වෙයි

පුවර්ටෝ රීකෝ දූපත් රාජ්‍යයේ ආණ්ඩුකාර රිකාඩෝ රොසෙල්ලෝ සිය ධුරයෙන් ඉවත් විය. ඒ, පසුගිය සති දෙක පුරා ඔහුට එරෙහිව පැවැති ජනතා විරෝධය උත්සන්න වීමෙනි.
පුවර්ටෝ රීකෝ යනු කැරිබියානු දූපත් රාජ්‍යයකි. පුවර්ටෝ රීකෝ ඇමෙරිකා පාලනයට නතු ප්රදේශයකි. දූපත පාලනය කරන්නේ ආණ්ඩුකාරවරයාය.
ආණ්ඩුකාර රිකාඩෝ රොසෙල්ලෝ දූපත් වැසියන්ගේ අප්‍රසාදයට ලක්වූයේ ඔහු ඇතුළු බලධාරීන් 17 දෙනකුට දූෂණ වංචා චෝදනා එල්ල වීමෙනි. පසුගිය සති කිහිපය පුරාවට පුවර්ටෝ රීකෝ වැසියෝ දස දහස් ගණනින් සැන් යුවාන් නුවර වීදි බැස විරෝධතා දැක්වූහ.
තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වන බවත් අධිකරණ ලේකම් වොන්ඩා වැස්කේස් නව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරනු ඇති බවත් රිකාඩෝ රොසෙල්ලෝ ධුරයෙන් ඉවත් වන බව දන්වමින් පවසා තිබේ.
රොසෙල්ලෝ 2016 දී ආණ්ඩුකාර ධුරයට තේරී පත් වූයේ දූපතේ පැවැත්වූ ප්රජාතන්ත්රවාදී මැතිවරණයෙනි. පුවර්ටෝ රීකෝ රාජ්‍යයේ ආණ්ඩුකාරවරයකු මේ අයුරින් ධුරයෙන් ඉල්ලා අස්වුණු පළමු අවස්ථාව මෙය වෙයි. එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් තමන් නිර්දෝෂී යැයි රොසෙල්ලෝ මාධ්‍ය හමුවේ පවසා ඇත.
පුවර්ටෝ රීකෝහිදීය (රොයිටර්ස්)

